මට මතක් වෙනවා - I miss them all


වප්ප, සුමංගල, සුමේධ, භද්දිය, මේධානන්ද, ධම්මානන්ද, චූලානන්ද, සුනන්ද, අස්සජි, මහානාම, සුදන්ත, අරියදේව, සුදේව...........

සමහර අයගේ නම් මට දැන් මතකත් නෑ. ඒ උනත් මට ඒ මූණු ඔක්කොම මතකයි. ඒ අයගේ කතා පුවතුත් මට හොඳට මතකයි. හැමෝටම ඒ අයටම වෙන් වෙච්ච කතාවක් තිබුනා. අවුරුදු දෙකකට වැඩි කාලයක් අපි එකට එක පන්සලේ ජීවත් වුණා. එකට වැඩියා, එකට වැළඳුවා, එකට ඇමදුවා, එකට පිණ්ඩපාතේ වැඩියා. මගේ ජීවිතේ වෙනස්ම කාල පරිඡ්චේදයක්. මගේ ජීවිතේ වෙනස් කරපු කාල පරිඡ්චේදයක්.

ගිහි ජීවිතේ කරදර ඔලුවට එනකොට මට මුලින්ම මතක් වෙන්නෙ ඒ කාලේ කොච්චර නිදහසේ සන්තෝශයෙන් හිටියද ? මට ඒ කාලෙට ආයෙත් යන්න හිතුනු වාර ගනන නිමක් නෑ. ඒ ජීවිතේ මතක් නොවෙන වෙලාවක් නෑ. මම තවමත් මේ පින්තූරෙ මගේ මූණ හොයන්න උත්සාහ කරනවා එදා වගේම.

i can remember some of the names of monks in this photo but not all. although i can remember every face and all the unique story behind it. for more than 2 years we ate, cleaned, gone alms around, practically did everything together. a different time of my life. a time that changed my life.

when the troubles of domestic life bothers me i remember the care free, happy life i spent as a monk. countless times i wanted to go back. there is no time am not thinking of going back. i still try to find my face in this photo like i did when i saw this for the first time

1 ප්‍රතිචාර - comments:

Anonymous said...

Tharindu Ayya.

Oyage mahana jeevithaya gena liyanna hithapu eka gena sathutu wenawa. mama godak sathutu wenne api thawama mathaka thiyagena inna ekata.

Bududsaranai !!!!

Sunanda Hamuduruwo

Post a Comment

මේක දැක්කම මොනාද හිතුනේ. කියන්න බය නැතුව.