******** තහනම්. NO F******ING



සිංගප්පූරුව බොහොම ප්‍රසිද්ධයි අරක තහනම්, මේක තහනම්, ඕක කලොත් මෙච්චර දඩ, අරක කලොත් ඔච්චර දඩ කියල හැමතැනම බෝඩ් ගහන්න. එක අතකට ඒක අමුතුයි කියන්නත් බෑ. තාම ඉන්නවා සමහර අය අපට දැනුවත් කරන්න වෙන සමහර තැන් වල දුම් බීම තහනම්, බස් එකේ එලුවෝ ගෙනයාම තහනම්, කඩ ඇතුලට බල්ලො ගෙනයාම තහනම් වගේ ඒව. ඒ කෙසේ වෙතත් ටැක්සි එකේ ලිංගිකව හැසිරීම තහනම් කියන්න සලකුණු සටහන් කරන්න වෙච්ච එක නම් පුදුමයට මෙන්ම දුකට කාරණයක්. sexual tourism තායිලන්තය කොච්චර දුරට වහගෙනද කියන එක මේකෙන්ම අපට පේනවා.


Ok, we all know that Singapore is famous for having signs for NO this that and other. And we know that some people need educating to the fact that the days are long gone since we could smoke in taxi, take goats on buses and bring dogs into shops. So in order to educate people to the more modern ways of living, there is a need for such signs to educate them and get them to change their behavior. Now, I am not an old man, but I somehow think that having sexual intercourse in public taxies was never acceptable, so why is there a need for taxi’s in Bangkok to display a “NO F**KING” sign. Or maybe Bangkok had a secret activity before the sex tourist of the world invaded the place.

(Photo and English Description by CJ)

වචන 1000ක් කතාකරන පින්තූරය - A photo with thousand words




ලයිබීරියාව කියන්නේ ඇමරිකාව විසින් බටහිර අප්‍රිකාවේ ආරම්භ කරපු ජනපදයක්. ඇමරිකාවේ කලු ජාතික වහල්ලුන්ට ගිහිල්ල නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙන්න තමා ඒක ඇතිකරේ. ඒ උනත් ලයිබීරියානු සිවිල් යුද්ධ කාලේදි සිද්ධවෙච්ච මිනිස් සංහාරය නවත්තන්න ඇමරිකාව මැදිහත් නොවුනේ ලයිබීරියානු වෙරල පේන මායිමේ යුධ නැව් ගනනාවක්ම නවතා තිබියදී. අන්තිමට මිනිස්සු තමන්ගෙ රට හදපු, තමන් ඉහලින් සලකන ඇමරිකාවේ අවධානය ගන්න තමන්ගේ මැරුණු නෑදෑයන්ගේ මලමිණී ගෙනත් ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සරහ ගොඩ ගැහුවා. මේ ඡායාරූපයෙන් පෙන්නන්නේ ඒ අවස්තාව.

Liberia is a colony founded by USA where black slaves could go and live freely. Ironically it was the USA which stood by with warships on shore and failed to intervene to either prevent or protect the indiscriminate slaughter of Liberians who looked up to the USA as it founder, protector and model. In a desperate appeal, the relatives of the dead pile their deceased loved ones at the gates of the USA embassy in the Liberian Capital Monrovia.

මට මතක් වෙනවා - I miss them all


වප්ප, සුමංගල, සුමේධ, භද්දිය, මේධානන්ද, ධම්මානන්ද, චූලානන්ද, සුනන්ද, අස්සජි, මහානාම, සුදන්ත, අරියදේව, සුදේව...........

සමහර අයගේ නම් මට දැන් මතකත් නෑ. ඒ උනත් මට ඒ මූණු ඔක්කොම මතකයි. ඒ අයගේ කතා පුවතුත් මට හොඳට මතකයි. හැමෝටම ඒ අයටම වෙන් වෙච්ච කතාවක් තිබුනා. අවුරුදු දෙකකට වැඩි කාලයක් අපි එකට එක පන්සලේ ජීවත් වුණා. එකට වැඩියා, එකට වැළඳුවා, එකට ඇමදුවා, එකට පිණ්ඩපාතේ වැඩියා. මගේ ජීවිතේ වෙනස්ම කාල පරිඡ්චේදයක්. මගේ ජීවිතේ වෙනස් කරපු කාල පරිඡ්චේදයක්.

ගිහි ජීවිතේ කරදර ඔලුවට එනකොට මට මුලින්ම මතක් වෙන්නෙ ඒ කාලේ කොච්චර නිදහසේ සන්තෝශයෙන් හිටියද ? මට ඒ කාලෙට ආයෙත් යන්න හිතුනු වාර ගනන නිමක් නෑ. ඒ ජීවිතේ මතක් නොවෙන වෙලාවක් නෑ. මම තවමත් මේ පින්තූරෙ මගේ මූණ හොයන්න උත්සාහ කරනවා එදා වගේම.

i can remember some of the names of monks in this photo but not all. although i can remember every face and all the unique story behind it. for more than 2 years we ate, cleaned, gone alms around, practically did everything together. a different time of my life. a time that changed my life.

when the troubles of domestic life bothers me i remember the care free, happy life i spent as a monk. countless times i wanted to go back. there is no time am not thinking of going back. i still try to find my face in this photo like i did when i saw this for the first time

යාපනෙන් නාගදීපයට - From Jaffna to Naagadeepa


යාපනයේ සිට නාගදීපයට යන ගමනේදී ඇස ගැටුණු සොඳුරු දසුනක්. යාපනේ ඉඳන් නාගදීපයට ගිය ගමනේ මග දෙපස අලංකාරය කියා නිම කරන්න බෑ. අපි ගියේ වැහි කාලය ඉවර වුණු ගමන්ම වගේ. මේ විදිහේ පොඩි පොඩි ජලාශ හැමතැනම. වටපිටාව කොල පාටින් බැබලෙනවා. යාපන අර්ධද්වීපයම එකම තැනිතලාවක්. හැතැක්ම ගානක් ඈත දේ බලන්න පුලුවන්. පායන කාලෙට මේවා හොඳට කර වෙන බව අපේ වාහනේ රියදුරු අය්යා කිව්ව. කෙසේ වෙතත් යාපනේ සිට නාගදීපයට ගිය 20km විතර දුර අමතක නොවන් අත්දැකීමක්.

this is a scenery on out way to Nagadeepa from Jaffna. it is indescribable the beauty of what we saw. it is almost just after the rainy season. there was lot of small lakes made up with rain water. everywhere shining with green trees, and grass. whole Jaffna peninsula is a plain. you can see miles ahead of you. driver told us that in the dry season this will be really dry. however the 20 km trip was one of the unforgettable trips of my life

මතක සටහන් - Memories


යාපනේ ගමනෙදි දැක්ක ගරාවැටුනු පිළිගැනීමේ පුවරුවක්. මේක තිබුනේ කොටින් විසින් පුපුරවා විනාශ කරපු මට නම මතක නැති පාලමක් ලඟ. එතන තිබුනා අපේ හමුදාවේ මුරපොලක්. ඒ අය්යලා අපිට ඒ පලාත ගැන ගොඩක් විස්තර කිව්වා. මට පව් කියල හිතුන. තමන්ගේ සගයන් මිස වෙන කතා කරන්න සින්හලයෙක් පැත්ත පලාතක නැතිව මාර පාලු ඇති. තව ටික කාලෙකින් ගොඩක් සිංහල කට්ටිය එයි, ඊට පස්සෙ මේ වගේ විස්තර කියල දෙන්න ගිහාම එපා වෙයි කියල අපි කිව්ව.

a broken welcome board we saw in jaffna. it was located near a bridge that had blasted by LTTE. i cant remember the name of the bridge. there was a army check point there. soldiers explained a lot about the bridge and the battle happened around that area. i felt sad for them for not having anyone to talk to except their fellow soldiers. i assured them that there will be lot of sinhalese very soon and they will get tired explaining.